Thursday, May 2, 2024

General line - 0115112241

විශ්‍රාමික පොලිස් ලොක්කන්ගේ ආරක්ෂාව නිළධාරීන් යෙදවීමට පොලිස් කොමිසමෙන් තීරණයක්




විශ‍්‍රාමික පොලිස්පතිවරුන්ගේ සහ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ආරක්‍ෂාව වැඩි කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අවධානය යොමුවී තිබෙනවා. 

ඒ, වැඩබලන පොලිස්පතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි. විශ‍්‍රාමික පොලිස්පතිවරුන්ගේ සහ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ආරක්‍ෂක කටයුතු ආවරණය හා විවිධ අපහසුතාවන්ට ලක් කිරීම වැළැක්වීම සදහා පොලිස් නිලධාරීන් අනියුක්ත කිරීමටයි වැඩබලන පොලිස්පතිවරයා අදාළ නිර්දේශ සිදුකර තිබුණේ. 

ඒ අනුව විශ‍්‍රාමික පොලිස්පතිවරයෙකු සදහා උපපොලිස් පරීක්‍ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු, පොලිස් කොස්තාපල් රියදුරෙකු ඇතුළුව පොලිස් නිලධාරීන් 5 දෙනෙකු අනියුක්ත කරනු ඇති.

එමෙන්ම විශ‍්‍රාමික ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සදහා පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකු ඇතුළුව පොලිස් නිලධාරීන් තිදෙනෙකු අනියුක්ත කිරීමටයි ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමි වී ඇත්තේ.