Saturday, September 21, 2024

General line - 0115112241

විමල් ප්‍රකාශයක් දෙන්න එයි




රජයේ මුදල් අවභාවිතා කිරීමක් පිළිබඳව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ බරපතළ වංචා, දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට පැමිණ තිබෙනවා.

මන්ත්‍රීවරයා ඉකුත් පාලන සමයේ අමාත්‍යවරයෙකු ලෙස සිටියදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන හා ඉන්ධන නිසි ක්‍රමවේදයකින් තොරව තම පුද්ගලික කාර්ය මණ්ඩලයට ලබාදුන් බවට චෝදනා එල්ලවී තිබෙනවා.

හිටපු අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් රජයට අහිමිවී ඇති වත්කම්වල වටිනාකම රුපියල් ලක්ෂ 1000 ක් පමණ වන බවයි ගණනය කර ඇත්තේ.