Saturday, September 21, 2024

General line - 0115112241

එජාපය එක්ක ඉඳගෙන ශ්‍රීලනිප මන්ත්‍රී ධූරවලට අත තියන්න බැහැ




ජන සටන පාද යාත‍්‍රාවට සම්බන්ධ වූ තමන් ඇතුළු පිරිසගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර හොත් ඊට එරෙහිව අධිකරණය කි‍්‍රයාමාර්ගයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම පවසනවා.

ඔහු ප‍්‍රකාශ කළේ අද (04) පැවැත්වෙන විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බවයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාතී‍්‍ර 7.00 ට ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙනවා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් දිලුම් අමුණුගම මන්තී‍්‍රවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ කුමක් කළත් මන්ත්‍රීධූරයට අත තියන්නට නොහැකි බවයි. මන්ත්‍රීධූර ඉවත් කරන තත්ත්වය දක්වා ගැටළුව පැවතිය හොත් අධිකරණ ක්‍රියාමාර්ගවලට යන බවත් පැවසුවා. එක්සත් ජාතික පක්ෂයත් සමග සිටින පිරිසකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ධූර අහෝසි කළ නොහැකි බවත් සඳහන් කළා.

මධ්‍යම කාරක සභාවෙන් ගනු ලබන තීරණවලින් පමණක් ඇතැම් කටයුතු සිදුකළ නොහැකි බවයි දිලුම් අමුණුගම මන්තී‍්‍රවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.