Friday, May 10, 2024

General line - 0115112241

ජල සහ විදුලි බිල්පතටත් රජයෙන් සහන




විදුලි සහ ජල බිල්පත් සම්බන්ධයෙන් රජය දැනටමත් සහන ලබා දි ඇතැයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. එහෙත් සියලූ දේ නොමිලේ ලබා දිමටද නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. 

නව කොරෝනා ව්‍යසනයෙන් පීඩිත ජනතාවට සහනයක් ලෙස ව්‍යසන කාලයේදී විදුලි සහ ජල බිල්පත් රජය විසින් දරා ගත නොහැකිදැයි හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස ඊයේ ප‍්‍රශ්ණ කළා. 

අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙම අදහස් පල කළේ ඊට ප‍්‍රතිචාර දක්වමන්. 

ඉදිරියේදීද ජනතාව වෙනුවෙන් සහන සහ දිරිගැන්වීම් රැුසක් ලබා දීමට රජය කටයුතු කරන බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙහිදී පැවසුවා.