Sunday, May 5, 2024

General line - 0115112241

පැය 05ක ප්‍රකාශයක් දී මංගල CIDයෙන් පිටව යයි




හිටපු මුදල් අමාත්‍ය  මංගල සමරවීර ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(14) පැය 5ක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පුත්තලමේ අවතැන් වු ජනතාවට  පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා බස් රථ 22 න් පුත්තලමේ  සිට  මන්නාරම දක්වාරැගෙන යාමට  රුපියල් ලක්ෂ 95 ක් රජයේ මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සිඅයිඩියට කැදවා තිබුණා.
...............................

මංගල සීඅයිඞීයට පැමිණෙයි

(14-05-2020 15:07)

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ, ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුවයි. 

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පුත්තලම දිස්ති‍්‍රක්කයේ අවතැන් වූවන් පිරිසක් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ලංගම බස්රථ මගින් මන්නාරම දිස්ති‍්‍රක්කයට රැගෙන යාමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් එම ප‍්‍රකාශය ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.