Sunday, May 5, 2024

General line - 0115112241

මෙරට පාසල් සිසුවෙකු උෂ්ණත්වය මැනිය හැකි ඩ්‍රෝන යානයක් සාදයි - අගමැති මහින්ද මැදිහත් වී නව නිපැයුමට රාජ්‍ය අනුග්‍රහය




ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ හැකි ඩ්‍රෝ්ණ යානයක් නිර්මාණ කළ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ඩෙවින් ප‍්‍රනාන්දු සිසුවාගේ නව නිර්මාණය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. 

ඒ, එම සිසුවා අද සිය නිර්මාණය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.  

ඩෙවින් ප‍්‍රනාන්දු සිසුවාගේ මෙම නිර්මාණය පිළිබඳ නෙත් නිවුස් කළ දැනුම් දීමකට අනුවයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සිසුවා කැඳවනු ලැබුවේ.