Monday, May 6, 2024

General line - 0115112241

වට්ටාරම ප්‍රදේශයේ පුද්ගලයෙකු සැඩ පහරකට හසු වී මරුට




කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආපදා මරණයක් සහ පුද්ගලයෙකු අතුරුදන් වීමක් වාර්තා වන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ කෑගල්ල - වට්ටාරම ප්‍රදේශයේ අයෙකු සැඩ පහරට ගසාගෙන යෑමෙන් මියගොස් ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර, කෑගල්ල වල්දෙණිය ප්‍රදේශයේ පස් කණ්ඩියකට යට වී 65 හැවිරිදි පුද්ගලයෙක් අතුරුදන් වී තිබෙනවා. අධික වැසි සමග හටගත් අයහපත් කාලගුණය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස කිහිපයකට ද හානි සිදුව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.