Monday, May 6, 2024

General line - 0115112241

දිවයිනේ නිරිතදිග කොටසට තවදුරටත් තද වැසි - දිස්ති‍්‍රක්ක 10 කට නායයෑමේ අවදානම් නිවේදන




බෙංගාලබොක්ක මුහුදු ප‍්‍රදේශය ආශි‍්‍රතව පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුළ කරුණානායක පැවසුවේ.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ති‍්‍රක්ක 10 කට නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කෙරුණු දිස්ති‍්‍රක්කයි. ඒ පිළිබඳ කරුණු දැක්වූ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි.

ආපදා හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කෑගල්ල දිස්ති‍්‍රක්කයටයි. ඒ සම්බන්ධයෙන්ද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කරුණු දැක්වූවා.

ගංගා කිහිපයක ජල මට්ටම් අද උදෑසන වනවිට ඉහළ ගොස් තිබුණ ද මේ වනවිට එම ජල මට්ටම අඩු වෙමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ, එහි ජලවිද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ එස් ජී සී සුගීෂ්වර.