Saturday, September 21, 2024

General line - 0115112241

ගෝල්ෆේස් හීදි අතුරුදන්වූ බිළිඳා හලාවතින් මතුවෙයි




කොළඹ ගාලු මුවදොර පිටියේ රැදී සිටියදී අතරුදහන් වූ කුඩා බිළිඳෙකු ඊයේ (03) රාත්‍රියේදී හලාවත ප්‍රදේශයකදී සොයාගෙන තිබෙනවා.

පෙරේදා (02) පස්වරුවේ කාන්තාවක් ඇයගේ මාස 10 ක් පමණ වයසැති පිරිමි දරුවාත් සමග මෙසේ ගාලු මුවදොර පිටියේ රැදී සිට තිබෙනවා. ටික වේලාවකින් දරුවා අතුරුදහන් වී ඇති බව දැන ගැනීමෙන් පසුව අදාළ කාන්තාව විසින් කොටුව පොලිස් ස්ථානයට ගොස් පැමිණිළි කර තිබෙනවා.

කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් පුළුල් විමර්ණයක් සිදු කර හලාවත පොලිස් ස්ථානයේ නිලධාරින්ගේද සහය ඇතිව ඊයේ (03) දින රාත්‍රියේ හලාවත ‍ප්‍රදේශයේදී මෙම බිළිඳා සොයා ගැනුනා. ඒ සම්බන්ධයෙන් අදාළ සැකකරු ද අත්අඩංගුවට ගත්තා.

සැකකරු වයස අවුරුදු 34 ක් වූ කිරුළපන ‍ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී තිබෙනවා.