Monday, May 6, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයකට තද සුළං - ඇල්පිටියේ නිවාස 32 කට තද සුළගකින් හානි




ඇල්පිටිය උතුර ග‍්‍රාම නිලධාරී වසමට අයත් කැටපල ජනපදයේ නිවාස 32 කට තද සුළගකින් හානි සිදුව තිබෙනවා. 

ගනේගොඩ මහා විද්‍යාලයට ද තද සුළගින් හානි සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ගස් කඩාවැටීම් හේතුවෙන් එම ප‍්‍රදේශයේ විදුලි සැපයුම ද බිඳවැටී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් හානියට පත්වූ ප‍්‍රදේශයේ නිරීක්ෂණයක ද නිරත වුනු බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.