Monday, May 6, 2024

General line - 0115112241

රට ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට - හෙට සිට දුම්රිය ධාවනය තවත් වැඩි කෙරේ




හෙට අලූයම 05 ට ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා සඳහා කොළඹට පැමිණෙන මගී ජනතාවගේ පහසුව සඳහා දුම්රිය 19 ක් හෙට සිට ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. 

එම දුම්රියන් විවිධ දුම්රිය ස්ථානවලින් හෙට පෙරවරුවේ කොළඹ කොටුව බලා ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ ඞී ජී සෙනෙවිරත්න ප‍්‍රකාශ කළේ. 

එම දුම්රිය 19 හෙට පස්වරුවේ ද ධාවනයට එක් කෙරෙන අතර ඒවා කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මේ අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ගමන් පහසුව වෙනුවෙන් හෙටින් ආරම්භ වන සතිය සඳහා ද පෙර පරිදිම ලංගම බස්රථ යොදවන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක ප‍්‍රකාශ කළේ. 

අවදානම් කලාප වල දිස්ති‍්‍රක්ක අතර බස් ධාවනයට අවසර ලබා දෙන ලෙස ද මෙහිදී ලංකා ගමනාගමන මණ්ඩලය සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් ද කළ බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.