Sunday, April 28, 2024

General line - 0115112241

සොබාදහමේ දායාදයෙන් කොරෝනා සුව කරන අපුරු මිනිසුන් (PHOTOS)




නව කොරෝනා වෛරසයේ දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ වෙසෙන ආදීවාසී ජනතාව එම වෛරසට අපුරු ප්‍රතිකාරයක් සොයා ගෙන තිබෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ ගස් වල පොතු සහ මී පැණි යොදා සකස් කරන ලද ඖෂධයක් කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරිමට ඔවුන් යොදා ගන්නා බවයි.

ඇමසන් වනාන්තරය තුල කේන්ද්‍රවී සිටින ආදිවාසින් සංඛ්‍යාව ලක්ෂ 08 ක් පමණ වන අතර ඔවුන් ගෝත්‍ර 300 කට අයත් වනවා.

ලොව අධි තාක්ෂණික විද්‍යාගාර සහ මුහුණු ආවරණ පැළදීමේ සංස්කෘතියෙන් ඈතට වී සිටින මෙම ආදිවාසීන් සිය මුතුන් මිත්තන්ගේ ඉගෙනුම් අනුව දේශීය ක්‍රමයට කොරෝනා වෛරසය හා සටන් වැදීමට තම භුමියේ ඇති ඖෂධ ශාක සොයමින් ඇමසන් ගංගාව දිගේ ගමන් කරමින් සිටිනවා.

බ්‍රසීල රජයෙන් ලබා දෙන කොරෝනා ප්‍රතිකාර ලබා නොගන්නා මෙම ආදීවාසීන් තමන්ගේම සාම්ප්‍රදායික ක්‍රමවේදයන් භාවිතා කරමින් ඊට ප්‍රතිකාර කිරිමට එම ආදිවාසින් කටයුතු කරමින් සිටිනවා.

කොරෝනා ආසාදනය වී ඇති පිරිස් සඳහා ප්‍රතිශක්තිකරණය ඉහළ දැමීමේ හැකියාවක් ඇති Carapanauba ශාකයේ පොතුද, මැලේරියා නාශකයක් වන සකුරාමිරා ගසේ පොතු, අඹ පොතු, මින්ට් සහ මී පැණි උපයෝගී කර ගනිමින් නිපදවන තේ පානයක් ලබාදීමට ඔවුන් පියවර ගෙන ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වූ බොහෝ ආදීවාසී ජනතාවට මෙම පානය ලබාදීමෙන් පසු සුවයක් ලැබුණු බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවත් මේ වන විට ඇමසන් හි වෙසෙන ගෝත්‍රික කණ්ඩායම් 40 ක පුද්ගලයින් 537 දෙනෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 102ක්.

නුතන විද්‍යාව සොයා ගැනීම් සහ සොභාදහමෙන් දායාද වූ ප්‍රතිකාර මතින් කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් ලැබෙන තෙක් අද වන විට සමස්ත ලෝකයාම බලා සිටියි.