Saturday, September 21, 2024

General line - 0115112241

නෝර්වේ අගමැතිනිය දිවයිනට




දිවයිනට පැමිණි නෝර්වේජියානු අග‍්‍රාමාත්‍ය අර්නා සොල්බර්ග් ඉදිරි දින කිහිපයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

අද පස්වරුවේදී ඇය විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවීමට නියමිත බවද වාර්තා වනවා.

නෝර්වේජියානු අග‍්‍රාමාත්‍ය අර්නා සොල්බර්ග් අද (04) උදෑසන කටුනායක බණ්ඩාරණායක අන්තර්ජාතික ගුවන් තොටුපොලෙන් දිවයිනට පැමිණියා. ඇය සමග හත් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.