Thursday, May 16, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවත් කොරෝනාවට එරෙහි එන්නතේ සායනික අත්හදා බැලීම් අරඹයි




කොවිඩ් 19 වසංගතයට එරෙහිව එන්නතක් සොයා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාව අද සිය පළමු මිනිස්‌ අත්හදා බැලීම ආරම්භ කරනු ලැබුවා. ඒ මෙල්බර්න් නගරයේදීය. මේ සඳහා පුද්ගලයින් 130ක් පමණ සහභාගී වූ බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම සායනික පර්යේෂණය Nucleus Network විසින් සිදුකරනු ලබන අතර එය සතියක් ඇතුලත බ්‍රිස්බේන් දක්වා ව්‍යාප්ත කිරිමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

මෙම පර්යේෂණය සඳහා වයස අවුරුදු 18-59 අතර පසුවන සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් සහභාගි වන බවයි එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන්නේ.

මෙම පියවර කොරෝනාවට එරෙහිව එන්නතක් සොයා ගැනීමට කටයුතු කරන වැඩපිළිවලේ ඉතා වැදගත් පියවරක් බව වික්ටෝරියා පාර්ලිමේන්තුවේ වෛද්‍ය පර්යේෂණ ලේකම් ෆ්‍රෑන්ක් මැක්ගුවර් ප්‍රකාශ කර සිටියේ.