Monday, May 6, 2024

General line - 0115112241

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්




නිවාඩු ලබා දී තිබෙන පිරිවෙන් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කළා. 

එහි දැක්වෙන්නේ පිරිවෙන් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් කිසිදු නිල නිවේදනයක් මේ දක්වා නිකුත් කර නොමැති බවයි.

සෞඛ්‍ය උපදෙස් අනුව පාසල් විවෘත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප‍්‍රකාශයට පත්කරන දිනයේදීම පිරිවෙන් ද යළි විවෘත කිරීමට කටයුතු කරන බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.
 
කෙසේ වෙතත් නේවාසික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වෙනුවෙන් පිරිවෙන්වල පවත්වාගෙන යන නේවාසික දින චර්යාවට අදාළව වනපොත් කිරීම, වත් පිළිවෙත් කිරීම ආදී කටයුතු බාහිර සිසුන්ගේ හා බාහිර ගුරුභවතුන්ගේ සහභාගිත්වයක් නොමැතිව පිරිවෙන් කෘත්‍යාධිකාරි හිමියන්ගේ සහ පරිවෙනාධිපති හිමියන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් ක‍්‍රියාත්මක කිරීමට බාධාවක් නොමැති බව ද මෙමගින් සිහිපත් කර තිබෙනවා.