Sunday, May 5, 2024

General line - 0115112241

පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කිවූ මැතිවරණ කොමිසමේ සමාජිකයාට එරෙහිව පැමිණිල්ලක්




මහ මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා දීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසම වෙත අද (06) පැමිණිල්ලක් කළා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මෙම පැමිණිල්ල ගොනු කළේ එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින්.

සිය පැමිණිල්ලෙන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි සහන පිළිබඳවද නීතිඥ සාගර කාරියවසම් මෙහිදී විස්තර කළා.

ප‍්‍රශ්ණගත රූපවාහිනී සම්මුඛ සාකච්ජාවකදී මහාචාර්ය රත්නජීවන් හූල් විසින් වර්ගවාදී අදහස්ද ඉදිරිපත් කර ඇති බවයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් වැඩිදුරටත් කියා  සිටියා.