Saturday, May 4, 2024

General line - 0115112241

මහ රෝහලේ මුදල් මංකොල්ලය වැළැක්වූ බුද්ධි අංශ නිලධාරියාට උසස් වීමක්




රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් සිතුම් දුලිත යොමාල් අලහප්පෙරුම නම් නිලධාරියාව පොලිස් සැරයන් තනතුර දක්වා උසස් කිරිමට වැඩබලන පොලිස්පතිවරයා විසින් කටයුතු කර තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ සිදුවූ රුපියල් ලක්ෂ 79 මුදල් මංකොල්ලය වැළැක්වීමට ඉතා දක්ෂ අයුරින් කටයුතු කළ මෙම රාජ්‍ය බුද්ධි සේවයට් අනියුක්ත නිලධාරියා ඉතා අවාසනාවන්ත අයුරින් ජිවිතක්ෂයට පත්වුයේ එම මුදල් මංකොල්ලය වළක්වා දින දෙකකට පසුව සිදුවූ රිය අනතුරක් හේතුවෙන්ය.

පොලිස් සේවයට කිර්ති නාමයක් ගෙන දෙන විශේෂ දක්ෂතාවයක් සිදුකළ මෙම පොලිස් නිලධාරියාව විශේෂ උසස් කිරිම අනුව පොලිස් කොස්තාපල් තනතුරේ සිට සැරයන් තනතුරට උසස් කිරීම සිදුකොට ඇත්තේ ඊයේ දින සිට බලපැවැත්වෙන පරිදිය.