Saturday, May 4, 2024

General line - 0115112241

නෙළුම් කුළුණ ලබන වසරේදී ජනතා අයිතියට : ජනපති ගෙන් වෙනස්ම සැලැස්මක්




නෙළුම් කුළුණ ව්‍යාපෘතිය වඩාත් ඵලදායී ආයෝජනයක් ලෙස ඉහළ ප්‍රමිතියෙන් නව්‍යකරණය කොට රටට දායාද කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

ව්‍යාපෘතියට සමගාමී ආයෝජන සැලසුම් පිළිබඳව දේශීය විදේශීය ව්‍යාපාරිකයින් දැනුවත් කිරීම වහාම අරඹන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දෙනු ලැබුවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ නිලධාරීන් සමග අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ උපදෙස් දෙනු ලැබීය.

ව්‍යාපෘතියට සමගාමීව නෙළුම් කුළුණ පරිශ්‍රයේ ඇරඹීමට නියමිත ආපනශාලා, වෙළඳසැල්, විනෝද ක්‍රීඩා පහසුකම් සඳහා දේශීය, විදේශීය ආයෝජකයන්ට අවස්ථාව දිය යුතු බවත්, සාම්ප්‍රදායික නිර්මාණ සඳහා ද ඉඩ සැලසිය යුතු බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියා. පරිශ්‍රයේ අභ්‍යන්තර සැලසුම් ඒ ඒ ව්‍යාපෘතියට අදාළ ආයෝජකයන්ට නිර්මාණශීලීව ඉදිරිපත් කොට අනුමත කරගැනීමෙන් පසු ක්‍රියාත්මක කළ හැක.

විදෙස් සංචාරකයන්ට මෙන්ම අපේ රටේ සාමාන්‍ය ජනතාවටද නෙළුම් කුලුණ දැකගනිමින්  එහි ආස්වාදය විඳ ගැනීමට අවස්ථාව සැලසිය  යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

නෙළුම් කුළුණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මෙතෙක් පැවති ගැටළු පිළිබඳවද  දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණ අතර සියලු ගැටලු නිරාකරණය කර ව්‍යාපෘතිය ලබන වසර මුල් භාගයේ ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කර සිටියා.