Monday, May 6, 2024

General line - 0115112241

නීතිපතිවරයාගෙන්, බන්ධනාගාර නිලධාරීන්ට දොස්




බන්ධනාගාර මේවනවිට අපරාධ පිටියක් බවට පත්ව ඇතැයි නීතිපති දප්පුල ද ලිවේරා පවසනවා. බන්ධනාගාරයේ සිටින ඇතැම් නිලධාරීන් රැඳවියන් ආරක්ෂා කිරීමට ද කටයුතු කරන බවයි නීතිපතවරයා සඳහන් කළේ. කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ අද සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් පසු බන්ධනාගාර නිලධාරීන් අමතමින් නීතිපතිවරයා මේ බව සඳහන් කළා. 

බන්ධනාගාර තුළ සිදුවන ඇතැම් කි‍්‍රයා ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් බවයි නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ද බන්ධනාගාර අධිකාරීවරුන් සඳහා පැවැති වැඩමුළුවකට එක්වෙමින් ඊයේ ප‍්‍රකාශ කළේ බන්ධනාගාර තුළ අකටයුතුකම් ඉදිරියටත් සිදුවුවහොත්, ඒවා වැළැක්වීම සඳහා වෙනත් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බවයි.