Monday, April 29, 2024

General line - 0115112241

තරග පාවාදීම ගැන කි‍්‍රකට් ආයතනයත් කථා කරයි




2011 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය පාවා දුන්බවට වන චෝදනාව සම්බන්ධයෙන් යම් පාර්ශවයක් ඉල්ලීමක් කළහොත් විමර්ශනයක් සිදු කිරීමට සූදානම් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් එහි ලේකම් මොහාන්ද සිල්වා පැවසුවේ වසර 9කට පෙර පැවති මෙම තරගය  සම්බන්ධයෙන් එවක හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මෙවැනි ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කිරීම විමතියට කරුණක් බවයි.

මේ අතර මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය මගින් ස්ථාපිත ක‍්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ද විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා. ඒ ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ ඞී එස් රුවන්චන්ද්‍ර අද කළ පැමිණිල්ලකට අනුවයි. 

හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශව රැුසක් අදත් අදහස් පළ කළා. මේ, හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා. 

මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල ද අදහස් පළ කළා.

හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ මෙම ප‍්‍රකාශය පිළිබද රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල සහ කෙහෙළිය රඹුක්වැල්ල යන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ද මෙලෙස අදහස් පළ කළා.

ශ‍්‍රී ලංකාව 2011 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය පාවා දුන් බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ ප‍්‍රකාශය ඉන්දීය මාධ්‍යවල ප‍්‍රමුඛ පුවතක් බවට ද අද පත්ව තිබුණා.