Monday, May 6, 2024

General line - 0115112241

මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය හෙට




මැතිවරණ නීති උල්ලංඝණය කරන පුද්ගලයින් පිළිබද දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලවලට හෝ පොලිස් ස්ථාන වෙත දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය අද ජනතාවගෙන් ඉල්ලීමක් කළා. 

ඒ, මහ මැතිවරණයේ ප‍්‍රචාරක කාර්යාල සහ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මහනුවර අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියාසිටියේ අගෝස්තු 5 වනදා ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව සම්බන්ධයෙන් ලබන 25 වනදා අවසන් තීරණයක් ගන්නා බවයි.

මේ අතර සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම සෞඛ්‍ය නිලධාරියෙකු අනියුක්ත කිරීමටද සැලසුම් කර තිබෙනවා. 

උණ සහිත අයෙකුවේ නම් ඡන්ද විමසීම පැවැත්වෙන දින අවසන් පැයේදී පැමිණ, සිය ඡන්දය භාවිත කරන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය හෙට මධ්‍යම රාති‍්‍රයේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.