Sunday, April 28, 2024

General line - 0115112241

බ්‍රසීලයේ සහ ඇමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය ඉහළට : අමෙරිකාවේ තරුණ ප්‍රජාවට දැඩි අවධානමක්




අමෙරිකාවේ තරුණ ප්‍රජාව අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම වැඩි වශයෙන් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

සමාජ දුරස්ථ භාවය සම්බන්ධයෙන් නිසි සැලකිල්ලක් නොදැක්වීම මින් ප්‍රධාන කරුණක් බවත් ඔවුන්ගෙන් සමාජයේ අනෙක් නිරෝගී පුද්ගලයින්ට වෛරසය ව්‍යාප්තවීමේ වැඩි අවධානමක් පවතින බවයි එරට වසංගත රෝග වැළැක්වීමේ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානි වෛද්‍ය ටොම් ෆ්‍රීයිඩන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර අමෙරිකාව තුල නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය යලි වේගවත් වී තිබෙනවා. ඊයේ දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 32,349ක් වන අතර මරණ සංඛ්‍යාව 424ක් වනවා.

මේ වන විට එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 23 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 120,402ක් වනවා.

මේ අතර බ්‍රසීලයේ ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 34,666ක් වාර්තා වී තිබෙනවා. ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් ගණන 1,022ක් වනවා.

මේ අතර අසල්වැසි ඉන්දියාවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සිඝ්‍රයෙන් ඉහල යාමක් පෙන්නුම් කරනවා. ඊයේ දිනයේදී රෝගීන් 14,821ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 445ක් වනවා.