Monday, May 6, 2024

General line - 0115112241

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවයි




ලබන ජුලි මාසයේදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා.

කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නොමැති බැවින් දෙරටේ ක්‍රිකට් ආයතනයන් මගින් මෙම තීරණය ගනු ලැබූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටින්නේ.

ICC ටෙස්ට් ශුරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර ටෙස්ට් තරග 03 කින් යුත් තරග සංචාරයක් පැවැත්වීමටයි සැලසුම් කර තිබුනේ.