Sunday, May 5, 2024

General line - 0115112241

කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට




කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අද පෙරවරුවේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගොස් තිබෙනවා. ඒ, 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය ශී‍්‍ර ලංකාව පාවාදුන් බවට හිටපු කි‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළ ලිපි ගොනු කිහිපයක් ලබා ගැනීම සදහායි.

ඒ අනුව 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට එක් වූ ශී‍්‍ර ලංකා සංචිතය, නිලධාරීන් සහ පසුව අවසන් මහ තරගයට කැදවූ කී‍්‍රඩකයින්ගේ තොරතුරු එම විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායම කි‍්‍රකට් ආයතනයෙන් ලබාගෙන ඇති බවයි කී‍්‍රඩා වැරදි විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජෙෂ්‍ය්ඨ පොලිස් අධිකාරී ජගත් ප‍්‍රනාන්දු, නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ.

2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ දී ශී‍්‍ර ලංකාව අවසන් මහ තරගය පාවාදුන් බවට ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කළ හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේගෙන් කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය ඉකුත්දා නාවලපිටියට ගොස් ප‍්‍රකාශයක් සටහන් කර ගත්තා. එහිදී සැක සහිත කරුණු 24ක් සම්බන්ධයෙන් හිටපු කී‍්‍රඩා අමාත්‍යවරයා කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය හමුවේ ප‍්‍රකාශ ලබා දුන්නා.