Saturday, May 11, 2024

General line - 0115112241

ටජ් මහලත් සංචාරකයන්ට විවෘත වේ




නව්‍ය කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මාස 03 කට අධික කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ ටජ් මහල හෙට සිට යළි සංචාරකයින් වෙනුවෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. 

ටජ් මහල නැරඹීමට පැමිණෙන සංචාරකයින් සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව පිළිපැදිය යුතු බවටයි එරට රජය නිවේදනය කර ඇත්තේ. ඒ අනුව හෙට සිට ටජ් මහල නැරඹීමට පැමිණෙන සියලූම සංචාරකයින්ට මුහුණු ආවරණ පැළඳීම සහ දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය වනවා. 

දිනකට සංචාරකයින් පන්දහසකට පමණක් ටජ් මහල නැරඹීමට අවසර ලබා දීමටයි තීරණය කර ඇත්තේ. සාමාන්‍ය දිනවලදී දිනකට සංචාරකයින් 80,000 ක් පමණ ටජ් මහල නැරඹීමට පැමිණෙනවා.

ඉන්දියාව තුළ නව්‍ය කොරෝනා වෛරසය සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබියදී, මෙලෙස ටාජ් මහල යළි සංචාරකයින්ට විවෘත කිරීම බොහෝදෙනාගේ විමතියට හේතු වූ කරුණක්. 

නමුත් ආර්ථිකය යළි ගොඩ නැගීමේ අරමුණින් ටජ් මහල, නවදිල්ලියේ ඉපැරණි රතු බලකොටුව වැනි ඓතිහාසික ස්මාරක යළි සංචාරකයින් වෙනුවෙන් විවෘත කිරීමටයි ඉන්දීය රජය තීරණය කර ඇත්තේ. 

මේ වනවිට ඉන්දියාවේ නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන හයලක්ෂ හැත්තෑපන්දහස ඉක්මවා තිබෙනවා. එරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 19,000 කට අධිකයි.