Sunday, April 28, 2024

General line - 0115112241

ගතවූ පැය 24 දී ලොව පුරා නව්‍ය කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ 13,000 ක්




ගතවූ පැය 24 දී පමණක් ලොව පුරා රටවලින් නව්‍ය කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ 13,000 ක් වාර්තා වනවා.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණේ අමෙරිකාවෙන්.

බ‍්‍රසීලයෙන් පමණක් ඉකුත් පැය 24 දී නව ආසාදිතයින් 41,500 ක් වාර්තා වුණා.

ඉන්දියාවෙන් ඊයේ (08) දිනයේදී වාර්තා වී ඇති නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 25,500 ක්.

කෙසේවෙතත් ඊයේ දිනයේදී පමණක් ලොව පුරා රටවල් වලින් කොරෝනා මරණ 5,509 ක් වාර්තා වුණා. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ‍්‍රසීලයෙන් වන අතර එම සංඛ්‍යාව 1,187 ක් වනවා. 

මේ වනවිට ලොව පුරා රටවලින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන එක් කෝටි 21 ලක්ෂ 55,000 ක්. සිදුව ඇති සමස්ථ කොරෝනා මරණ ගණන පන්ලක්ෂ 51,000 ක් වනවා.