Tuesday, May 14, 2024

General line - 0115112241

සංගක්කාරගේ IPL පිළට වන්දි ගෙවන්නැයි නියෝග




අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියට එක් වූ ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වයට ඉන්දීය රුපියල් කෝටි 4800ක වන්දි මුදලක් ගෙවන ලෙස බොම්බේ මහාධිකරණය විසින් ඉන්දීය ක‍්‍රිකට් ආයතනයට නියෝග කර තිබෙනවා. ඒ, ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායම අයි පී එල් තරගාවලියෙන් ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය නීති විරෝධී බව දන්වමින්.

2008 වසරේ දී  අයි පී එල් තරගාවලියට එක් වූ ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායම 2009 වසරේ දී අයි පී එල් ශුරයින් බවට පත් වුණා.
2012 වසරේ දී ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට ඉන්දීය ක‍්‍රිකට් ආයතනය පියවර ගැනීමත් සමග එම කණ්ඩායමට අයි පී එල් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. ඒ, ඉන්දීය රුපියල් කෝටි 100 ක බැංකු ඇපකරයක් ලබාදීමට ඔවුන් අසමත්වීම හේතුවෙන්.

ක‍්‍රීඩකයින්ට නියමිත කාලයට ගෙවීම් සිදුනොකළ බවට ද ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායම් හිමිකාරීත්වයට චෝදනා එල්ල වී තිබුණා. ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායමේ අවසන් නායකයා වූයේ ශ‍්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරයි.