Sunday, May 5, 2024

General line - 0115112241

දෙවන වාරයේ පාසල් නිවාඩුව ඔක්තෝම්බර් 09 දා




වෙනත් වසරවල අගෝස්තු මාසයේදී ලබාදෙන මෙරට සියලූ‍ පාසල් සඳහා වන දෙවන වාර නිවාඩුව මෙවර ඔක්තෝම්බර් 09 වන දින සිට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

තුන්වන පාසල් වාරය සදහා යළි පාසල් ආරම්භ වන්නේ නොවැම්බර් 16 වනදායි. අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ පාසල් පවත්වන දින හා විභාග දින සංශෝධනයවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. 

මෙම මාධ්‍ය හමුවට විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ද එක් වුණා. 

පවතින තත්ත්වය හමුවේ උසස් පෙළ විභාගය කල් දමන ලෙසට ඉල්ලා සිටියේ සිසුන්ගෙන් සියයට 50 ක් පමණක් බව මෙම මාධ්‍ය හමුවට එක්වූ අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත‍්‍රානන්ද ප‍්‍රකාශ කළා.

මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වැනි සඳුදා සිට නොවැම්බර් 06 වැනි දා තෙක් පවත්වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය අද ප‍්‍රකාශ කළේ. 

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනි ඉරිදා දින පැවැත්වීමට නියමිතයි. මේ වසරේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අවශ්‍ය නොවනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.