Sunday, May 5, 2024

General line - 0115112241

පාඨලි චම්පික රණවකට සිතාසි නිකුත් කෙරේ




2016 වසරේදී රාජගිරියේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට අගෝස්තු 20 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබෙනවා. 

වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා වූ වර්තමානයේ සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල සහ හිටපු මන්තී‍්‍රවරයාගේ රියදුරා වන දිලූ‍ම් තුසිත කුමාර සෙසු දෙදෙනායි.

2016 වසරේ මාර්තු මාසයේ රාජගිරිය ප‍්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවකට අයත් ජීප් රථයක ගැටී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සන්දීප් සම්පත් නැමැති තරුණයා බරපතළ තුවාල ලැබුවා. 

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය නැවත විමර්ශනයක් සිදුකර කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට පසුව කරුණු වාර්තා කර තිබුණා. වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා වූ වර්තමානයේ සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලට චෝදනා එල්ල වී ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාක්‍ෂි වසන් කිරීමේ චෝදනාවයි. 

ඔවුන් තිදෙනාට එරෙහිව චෝදනා 16 ක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබෙනවා.