Thursday, November 30, 2023

General line - 0115112241

රංගනගේ රංගනය – කඩුලු ත්‍රිත්වය ගන්නා හැටි මෙන්න (VIDEO)




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයේදී කඩුලූ ති‍්‍රත්වක් වාර්තා කිරීමට රංගන හේරත් සමත් වුණා. ඔහුගේ කඩුලූ ති‍්‍රත්වය ලෙස දැවී ගියේ ඇඩම් වොජස්, පීටර් නෙවිල් සහ මිචෙල් ස්ටර්ක්.

මෙහිදී ටෙස්ට් තරඟවලදී කඩුලු ත්‍රිත්වයත් ලබාගත් වයස්ගතම ක්‍රීඩකයා ලෙස රංගන හේරත් වාර්තා පොත් අතරට එකතු වුණා.

ටෙස්ට් තරගයකදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කඩුලූ ති‍්‍රත්වයක් දවා ගත් දෙවන පන්දු යවන්නා වන්නේ රංගන හේරත්.මේ දස්කම කළ පළමුවැන්නා වූයේ නුවන් සොයිසායි.

එමෙන්ම  ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟවලදී කඩුලු 50ක් ලැබා ගැනීමට ද හේරත් මෙහිදී සමත් වු අතර මුත්තයියා මුරලිදරන්ගෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ඕසට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් කඩුලු 50 ලබාගත් දෙවන ක්‍රීඩකයා ලෙස ද හේරත් වාර්තා පොත් අතරට එකතු වුණා.

ඔහු කඩුලු ත්‍රිත්වය ගන්නා අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න