Monday, May 13, 2024

General line - 0115112241

ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ගැන හෙට තීරණාත්මක සාකච්ජාවක් 




ලන්කන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ජාවක් සෞඛ්‍ය අංශ ප‍්‍රධානීන් සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉහළ නිලධාරීන් අතර හෙට පැවැත්වෙනවා. ඒ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ ප‍්‍රධානත්වයෙන්. 

ලබන අගොස්්තු 28 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ලන්කන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව සංවිධාන කරන්නේ කෙසේ ද යන්න මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරෙනු ඇති බවයි. තරගාවලියට එක්වන කී‍්‍රඩකයින් සදහා පී සී ආර් පරීක්ෂණ සිදු කිරීම, තරග පැවැත්වෙන කී‍්‍රඩාංගණවලට සෞඛ්‍ය පහසුකම් සැපයීම වැනි කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡුා කිරීමට නියමිතයි. 

විදෙස් කි‍්‍රඩකයින් මෙම තරගාවලියට එක් කර ගන්නේ නම් ඔවුන් සදහා සෞඛ්‍ය පරීක්ෂණ සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම සාකච්ජාවේදී අවධානය යොමු කෙරෙනු ඇති.

කෙසේවෙතත් මෙවර ලන්කන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය පැවැත්වීමේ නිශ්චිත දිනය ප‍්‍රකාශ කළ හැක්කේ ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසු බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසුවේ. මේවනවිට විදෙස් කි‍්‍රඩකයින් 50කට වැඩි සංඛ්‍යාවක් මෙවර ලන්කන් පි‍්‍රමියර් ලීග් තරගාවලිය සදහා එක්වීමට කැමැත්ත පළ කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ප‍්‍රකාශ කළා.

එමෙන්ම විදෙස් කී‍්‍රඩකයින් ගණනාවක් මේවනවිට කැරිබියන් පි‍්‍රමියර් ලීග් තරගාවලිය අතහැර ලන්කන් පි‍්‍රමියර් ලීග් තරගාවලියට එක්වීමට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් මෙම තරගාවලියට සහභාගිවීම සදහා ගුවන් තොටුපොළේදීම පී සී ආර් පරීක්ෂණ සිදු කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. 

කැරිබියන් පි‍්‍රමියර් ලීග් තරගාවලිය සඳහා ද විදෙස් කී‍්‍රඩකයින් අකමැත්ත පළ කර ඇත්තේ නිරෝධායන කි‍්‍රයාවලිය හේතුවෙන්. එහෙත් පී සී ආර් පරීක්ෂණ කඩිනමින් සිදු කරන්නේ නම් එහිදී ලැබෙන පරීක්ෂණ වාර්තාවලට අනුව නිරෝධායනයට යොමු කරනවාද, නැද්ද යන්න තීරණය කළ හැකි බව එම කි‍්‍රඩකයින්ගේ අදහස වී තිබෙනවා.