Thursday, September 19, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ බිරිඳට චෝදනාවක්!




අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් වීසා නීති උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වනවා.

එ් ඇය නිරූපිකාවක් ලෙස කටයුතු කිරීමට නිව්යෝර්ක් නුවරට පැමිණි සිද්ධියකට අදාළවයි. ස්ලෝවේනියාවේ ඉපිද ඇති මෙලනියා නිව්යෝර්ක් නුවරට පැමිණ තිබුණේ 1995 වසරේයි.

චෝදනාවට ප්‍රතිචාර දක්වමින් ඇය පවසන්නේ තමන් කිසිදු වීසා නීතියක් උල්ලංඝනය නොකළ බවයි. එමෙන්ම නිරන්තරයෙන් ආගමන විගමන නීති ආරක්ෂා කරන බවද මෙලනියා අවධාරණය කර තිඛෙනවා.

කෙසේ වෙතත් 1995 වසරේ ඇය නිව්යෝරක් නුවරට පැමිණියේ කුමන වර්ගයේ වීසා බලපත්‍රයක් උපයෝගි කරගෙන දැයි ඇය විසින් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.