Saturday, September 21, 2024

General line - 0115112241

අනධ්‍යයන සේවක වර්ජනය අඛණ්ඩව – විශ්ව විද්‍යාල රැසක් අඩාලයි




රජය කළ දැනුම් දීමද නොතකා විශ්ව විද්‍යාල සියලූ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් මේ වන විට වැඩවර්ජනයේ නිරතව සිටිනවා.

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ අද දින සේවයට වාර්තා නොකරන පරිවාස හා පුහුණු කාලය තුළ සේවයේ නියුතු විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන බවයි.

එහෙත් සිය වර්ජනය කි‍්‍රයාමාර්ගය අත්නොහරින බවයි විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එ්කාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්ත පැවසුවේ.

මුදල් අමාත්‍යවරයා සහ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එ්කාබද්ධ කමිටුව අතර ඊයේ පැවති සාකච්ඡාද බිඳ වැටුණා. මෙම වැඩවර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල රැසක කටයුතු දින කිහිපයක සිට අඩාල වී පවතිනවා. සබරගමුව විශ්ව විද්‍යාලයේ හා රජරට විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමටයි සිදුවූයේද අනධ්‍යන සේවකයින්ගේ වර්ජනය හේතුවෙන්.