Monday, April 29, 2024

General line - 0115112241

MS දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි




2011 වර්ෂයේ ලෝක කුසලානය ඉන්දියාවට ජයග්‍රහණය කරදීමට සමත්වූ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ මහේන්ද්‍ර සිං දෝනි තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන් බව මිට සුළු මොහොතකට පෙර නිවේදනය කර සිටියා.

39 හැවිරිදි හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයා 2004 වර්ෂයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වරම් දිනා ගනු ලැබුවා.

ටෙස්ට් තරග 90 කදී ලකුණු 4876ක් රැස් කර ඇති දෝනි එක්දින තරග 350 කදී 
ලකුණු 10773ක් රැස් කර ගැනීමට සමත් වුවා.  විස්සයි විස්ස තරග 98 කදී ලකුණු 
1617 ක් රැස් කොට ඇති ඔහු IPL තරග 190කදී ලකුණු 4432 ක් රැස් කිරීමට සමත්ව තිබුණා.