Tuesday, April 30, 2024

General line - 0115112241

හෙරොයින් සමග අඩවි වන නිළධාරියෙකු අත්අඩංගුවට




හෙරොයින් සන්තකව සිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ගන්දර, දෙවිනුවර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ලද තොරතුරකට අනුව ගන්දර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද වැටලීමකදීයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි දික්වැල්ල, කෝනදෙණිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හම්බන්තොට කාර්යාලයේ සේවය කරන ක්ෂේත‍්‍ර නිලධාරියෙකු බව පොලීසිය සඳහන් කළා. 

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 100 ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. සැකකරු මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.