Tuesday, April 30, 2024

General line - 0115112241

ඇල්ලේ සිදුවූ රිය අනතුරෙන් විදුලි අධිකාරිවරුන් තිදනෙකු ජිවිතක්ෂයට (VIDEO)




ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රවණා ඇල්ල ප්‍රදේශයේ දී අද (22) උදෑසන 06.00 ට පමණ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවීමෙන් වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. 

හම්බන්තොට ප්‍රදේශයේ පැවති අවමංගල සහභාගී වූ පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එලෙස අනතුරට ලක්ව ඇත්තේ විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරුන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

ප්‍රපාතයට පෙරලුණු වෑන් රථයේ සිටි පුද්ගලයින් 6 දෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල, වැල්ලවාය සහ දෙමෝදර යන රෝහල්වලට ඇතුළත් කර ඇති අතර ඉන් 03 දෙනෙකු මියගොස් ඇත.

වෑන් රථය තුළ සිරවී සිටි රියදුරු මුදා ගැනීම සඳහා පැය 3 ක පමණ කාලයක් ගතවූ අතර දියතලාව යුධ හමුදා කඳවුරේ හමුදා සාමාජිකයින්, ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පෙරවරු 09.00 පමණ වන විට වෑන් රථයේ සිර වී සිටි රියදුරු මුදා ගැනීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටියා.

වෑන් රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතු වී ඇති බවට පොලීසිය සැකපළ කරන්නේ.