Tuesday, April 30, 2024

General line - 0115112241

මැලේසියාවේ සිටි ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

ටී කේ ජී කපිල




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැුඳී සිටි ශ‍්‍රී ලාංකිකයින් 291 දෙනෙකු අද දහවල් දිවයිනට පැමිණ තිබෙනවා. ක්වාලා ලාම්පූර් නුවර සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් එම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

එලෙස පැමිණි සියලූදෙනා හට ගුවන් තොටුපල තුලදීම ඡුක්‍ඍ පරීක්ෂණ සිදුකර ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.