Tuesday, April 30, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාව ගැන හිටපු කථානායක කතා කරයි




19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට සහ නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට නව රජය කටයුතු කරන්නේ නම්, එය සිදුකළ යුත්තේ සියලූ දේශපාලන පක්ෂ, ජනතා සංවිධාන, විද්වතුන් සහ පොදු ජනතාව ඇතුළු සියලූ පාර්ශව සමග පුළුල් සංවාදයක් පැවැත්වීමෙන් අනතුරුව බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් හිටපු කථානායකවරයා පැවසුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ශ‍්‍රී ලංකාව සතු උරුමයක් වන අතර ජනතාව තමන් භුක්ති විඳින නිදහස සහ නීතියේ ආධිපත්‍යය අගය කරන බවයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරය සංකේතවත් කරනවා. ඒ අනුව අනාගත සංශෝධන සිදුකිරීමේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප‍්‍රජාතාන්ත‍්‍රික සාරය සුරකිමින් එහි ඇතැයි සැලකෙන යම් තාක්ෂණික දුර්වලතා පිළිබඳ මනා විශ්ලේෂණයක් සහ ඇගයීමක් සිදුකරන ලෙස ද ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ නව රජයෙන් ඉල්ලා සිටින බවයි හිටපු කථානායක කරු ජයසූරිය මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.