Monday, May 6, 2024

General line - 0115112241

කොරෝනාවටත් වඩා පාසල් වැසීම දරුවන්ට හානියක් - නවතම අනාවරණයක් හෙළි කරයි




කොරෝනා වෛරසයටත් වඩා දරුවන්ට පාසල් යාමට අවස්ථාව අහිමිවීම ඔවුන්ට සිදුකරන විශාල හානියක් බව ජේ්‍යෂ්ඨ සෞඛ්‍ය විශේෂඥවරයෙක් අනාවරණ කර තිබෙනවා. බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන සෞඛ්‍ය උපදේශක මහාචාර්ය කි‍්‍රස් විටී පවසන්නේ දරුවන්ට කඩිනමින් පාසල් යාමට අවස්ථාව ලබා නොදුනහොත් කොරෝනා වෛරසයටත් වඩා හානියක් සිදුවනු ඇති බවයි.

කෙරෝනා වෛරසය වැළදී දරුවන් මියයාමේ සම්භාවිතාව පවා ඉතා සුළු අගයක් බව ඔහු පවසනවා. කෙසේවෙතත් පාසල් වැසීම හේතුවෙන් දරුවන්ගේ මනසට සිදුවන හානිය දීර්ඝ කාලීන බවයි මෙම සෞඛ්‍ය විශේෂඥයා අනාවරණ කර ඇත්තේ.

එංගලන්තයේ, වේල්සයේ සහ අයර්ලන්තයේ දරුවන් මිලියන ගණනකට පාසල් යාමට ඇති අවස්ථාව අහිමිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා. එහිදී මහාචාර්ය කි‍්‍රස් විටී පවසා ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් ඇති විය හැකි බලපෑම අවම වශයෙන් තවත් මාස 9 ක් පවතිනු ඇති බවයි.

මේ සදහා එන්නතක් මේ වසරේදී සොයා ගැනීම අපහසු වනු ඇතැයි පවසන ඔහු එන්නතක සාර්ථක ප‍්‍රතිඵල ලැබීමට 2021 - 2022 යන වසර දක්වා දීර්ඝ විය හැකි බවටද අනුමාන කර තිබෙනවා. 

නවතම සංඛ්‍යා දත්තවලට අනුව ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි 35 ලක්‍ෂ 77,000කට අධිකයි. මරණ සංඛ්‍යාවද අට ලක්‍ෂ 12,000 ඉක්මවා තිබෙනවා.