Sunday, April 28, 2024

General line - 0115112241

සිරිසීවලී ධාතු වන්දනාව සැදැහැවතුන්ගෙන් පිරීයයි (UPDATE)




මාස්ටර් ගයිඞ් දායකත්වයෙන් දඹාන ගුරුකුඹුර ආදිවාසී ගම්මානයේ විහාරස්ථානයේ ඉදිවන ශාක්‍යපුත‍්‍ර සිරිසීවලී මහා සෑයේ ධාතු ගර්භයේ තැන්පත් කෙරෙන උතුම් ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා සැදැහැවතුන් බොහෝ පිරිසක් එක්ව සිටිනවා.

මෙම පිංකම පැවැත්වෙන්නේ කැළණිය බොල්ලෑගල මාස්ටර් ගයිඞ් නිවහනේදීයි. පිංකමේ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සමගින්. 

 

 

...............................................................

සිරිසීවලී මහා සෑයේ ධාතු ගර්භයේ තැන්පත් කෙරෙන ධාතු වන්දනාව අදින් ඇරඹේ

(29-08-2020 08:37)

මාස්ටර් ගයිඞ් දායකත්වයෙන් දඹාන ගුරුකුඹුර ආදිවාසී ගම්මානයේ විහාරස්ථානයේ ඉදිවන ශාක්‍යපුත‍්‍ර සිරිසීවලී මහා සෑයේ ධාතු ගර්භයේ තැන්පත් කෙරෙන උතුම් ධාතූන් වහන්සේ පූජා වස්තු වන්දනාව අදින් ආරම්භ වනවා. 

ඒ, කැළණිය බොල්ලෑගල මාස්ටර් ගයිඞ් නිවහනේදීයි. 

අද සිට ලබන 31 වනදා දක්වා මෙම පිංකම් මාලාව පැවැත්වෙනවා. අද උදෑසන 09 ට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ වැඩමවීමෙන් පැවැත්වෙන සදහම් කතිකාවත, පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සවස 6 ට පැවැත්වෙන පහන්කන්ද ආශිර්වාද පූජාව එම ස්ථානයේ සිට සජීවීව ප‍්‍රචාරය කිරීමට නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු යොදා තිබෙනවා. 

පූජ්‍ය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන් රාත‍්‍රී 07 සිට සිත් නෙත් අසපුව සජීවීව විකාශය කෙරෙන්නේ ද එම ස්ථානයේ සිටයි.