Sunday, May 5, 2024

General line - 0115112241

කන්දකාඩු කොරෝනා පොකුරේ අසාධිතයන් 614ක් සුවය ලබයි




කන්දකාඩු ප‍්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගැනුනු කොරෝනා පොකුරේ ආසාදිතයින් 639 දෙනාගෙන් 614 දෙනෙකුම පූර්ණ සුවය ලබා මේවනවිට රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව එම පොකුරෙන් හඳුනා ගැනුණු ආසාදිතයින් අතරින් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 25 දෙනෙකු පමණක් බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. 

මේවනවිට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2989 දෙනෙකු වනවා. ඉන් ආසාදිතයින් 2842 දෙදෙනෙකු මේවනවිටත් පූර්ව සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අවසන්.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින්නේ කොරෝනා ආසාදිතයින් 135 දෙනෙකු පමණයි. 

මේ අතර ති‍්‍රවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වෙමින් සිට එම කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 70 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටව ගියා.

ඒ අනුව සිය නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 33,906 දෙනෙකු මේවනවිට සිය නිවෙස් බලා පිටව ගොස් ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. 

පුද්ගලයින් 7552 දෙදෙනෙකු ති‍්‍රවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 71 ක් තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා. 

මේ අතර අබුඩාබි සහ කටාර් සිට අද උදෑසන පුද්ගලයින් 30 දෙනෙකු ගුවන් මගින් මෙරටට පැමිණ තිබෙනවා. ඒ අනුව අබුඩාබි සිට පැමිණි ගුවන් යානයකින් පුද්ගලයින් 06 දෙනෙකු සහ කටාර් සිට පැමිණි ගුවන් යානා 02 කින් පුද්ගලයින් 24 දෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. 

ඔවුන් සියලූදෙනා ති‍්‍රවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ බව ද කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. 

මේ අතර මේවනවිට මෙරට තුළ ඡුක්‍ඍ පරීක්ෂණ  221,910 ක් සිදුකර තිබෙනවා. ඊයේ දිනයේ පමණක් PCR පරීක්ෂණ 2748 ක් සිදුකළ බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.