Sunday, April 28, 2024

General line - 0115112241

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අසාමාන්‍ය ලෙස භුමියේ සෙලවීමක් : මෙය ස්වභාවික සංසිද්ධියක් නොවන බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි




මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි හාරගම, මයිලපිටිය, දිගන ප්‍රදේශයේ පිහිටි ප්‍රදේශයේ ජනතාවට අද රාත්‍රී කාලයේ භුමියේ සෙලවීමක් දැනී තිබෙන බවට වාර්තා වනවා. භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මෙම සිදුවීම අද රාත්‍රී 8.30 ට වාර්තා වූ බවයි.

කෙසේ වුවත් මෙම සිදුවීම භුචලනයක් නොවන බවයි භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ ප්ර්කෂකයෙකු සඳහන් කළේ. මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි භූචලන මාපකයේ පමණක් යම් සංඥාවක් සටහන්ව ඇති බවත් එය මෙය සොභාවික සංසිද්ධියක් නොවන බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

දිවයිනේ පිහිටි අනෙක් භූකම්පන මාපක 04 ට කිසිදු භුචලනයක් පිලිබඳ සටහනක් වාර්තාවී නොමැති බව පැවසූ එම ප්‍රකාශකවරයා හෙට දිනයේදී විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි භූකම්පන මාපකය සටහන්ව ඇති සංඥාව සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට යාමට නියමිත බවද සඳහන් කර සිටියා.