Saturday, May 4, 2024

General line - 0115112241

රනිල් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට ඇවිත්




හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ උදැසන 10 ට පමණ හිටපු අග‍්‍රාමාත්‍යවරයා එම පොලිස් ඒකකය වෙත පැමිණි බවයි.

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පැමිණෙන ලෙස ඉකුත් දා කළ දැනුම්දීමකට අනුවයි හිටපු අග‍්‍රාමාත්‍යවරයා අද (31) එම කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණියේ. 

මේ අතර ප‍්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර අකිල විරාජ් කාරියවසම් ද පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත අද පෙරවරුවේ පැමිණියා.

හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් ද පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය ඉකුත් දා ඔහුගේ නිල නිවෙස වෙත ගොස් ප‍්‍රකාශයක් ලබාගත්තා.