Saturday, May 4, 2024

General line - 0115112241

සම්පායෝ ඇතුළු සිව්දෙනෙකුට ඇප




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සිව්දෙනෙකු අද ඇප මත මුදා හැරුණා. 

ඒ, ඔවුන් මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි. මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු රැඳවියන් පිරිසකට පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ හට චෝදනා එල්ල වුණා. 

පසුව අධිකරණයෙන් නිකුත් කෙරුණු වරෙන්තුවක් අනුව මීගමුව පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනුණේ කුරුණෑගල ප‍්‍රදේශයේදීයි.