Saturday, May 4, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු සුවය ලබයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 08 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියා. 

ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 2868 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. 

මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 3015 ක්. ඒ අතරින් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින්නේ ආසාදිතයින් 135 දෙනෙකු පමණයි.