Monday, May 6, 2024

General line - 0115112241

සුඩානයට මාස 03 ක හදිසි තත්ත්වයක්




සුඩානයට මාස 03 ක හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අධික වර්ෂාපතනයත් සමග පසුගිය මාස කිහිපය තුළ සිදුවූ ජල ගැලීම් හේතුවෙන් සූඩානයේ මියගිය පුද්ගලයින් ගණන 99 ක් දක්වා ඉහළ යාම හේතුවෙන්.

ජල ගැලීම්වලට හසුවූ තවත් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජල ගැලීම් හේතුවෙන් සුඩාන වැසියන් මිලියනයකට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා.

පීඩාවට පත් ජනතාවට අවශ්‍ය ආහාරපාන සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ආධාර වශයෙන් ලබාදීමටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත්තේ. ජල ගැලීම්වලින් සුඩානයේ නිවාස සහ දේපළ ලක්ෂයකට වැඩි ගණනක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව ද වාර්තා වනවා.