Sunday, May 5, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපතිගේ අණට අකීකරු වූ මාධ්‍යවේදියා (VIDEO)




එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පස්වරුවේ ධවල මන්දිරයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුර රොයිටර් පුවත් සේවයේ වාර්තාකරු ජෙෆ් මේසන් සමග වචන හුවමාරුවක පැටලුණා. ඒ පැලඳ සිටි මුඛ ආවරණය ගලවා කතා කරන ලෙස ජනාධිපතිවරයා සිදු කළ ඉල්ලීම රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදියා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසායි.

රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදී ජෙෆ් මේසන් පළමු ප්‍රශ්නය ඇසීමට පටන් ගත්විට ජනාධිපතිවරයා, "කරුණාකර ඔබට එය ඉවත් කිරීමට සිදුවනු ඇති" යනුවෙන් පවසමින් ඔහු නතර කළා. ඔහු වාර්තාකරු සහ වේදිකාව අතර ඇති අවකාශයට ඉඟි කරමින්, "ඔබ ... ඔබ අඩි කීයක් ඈතින් සිටිනවාද?" යනුවෙන් ඔහුගේ සමාජ දුරස්ථභාවය ගැන විමසීය.

මුඛ ආවරණය හේතුවෙන් වන අපහැදිලිතා මගහැරවීම සඳහා තමා හඬනගා කතා කරන බව පිළිතුරු දෙමින් මෙහිදී රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදියා ප්‍රකාශ කර සිටියා.

මෙම ප්‍රතිචාරය ගැන ට්‍රම්ප් සෑහීමකට පත් නොවූ අතර ඔහුගේ කටහඬ ඔහු පැලඳ සිටින මුඛ ආවරණ නිසා හරි හැටි ශ්‍රවණය නොවන බව පවසමින් වාර්තාකරුවාට යළිත් කියා සිටියේ, "එබැවින් ඔබ එය ගලවා ගන්නේ නම් එය වඩාත් පහසු වනු ඇති." යනුවෙනි.

නමුත් එයින්ද ජනාධිපතිවරයාගේ කීමට අවනත නොවූ රොයිටර් මාධ්‍යවේදී මේසන් හඬ නඟා කතා කිරීමට යළිත් ඉදිරිපත් වෙමින් උස් හඬින් කියා සිටියේ "මේ කතා කරන විදිහ හොඳද?" යනුවෙනි.

"ඔව්, එය වඩා හොඳයි" අවසානයේදී ජනාධිපතිවරයා කියා සිටියේ ඔහුට තවත් ඒ වෙනුවෙන් කතා කිරීමෙන් ප්‍රයෝජනයක් නොමැති බව පෙනුණු නිසාවෙන්ය.

මේ එම අවස්ථාවයි,