Thursday, April 18, 2024

General line - 0115112241

කාණු ඇතුළේ තිබුණු භාණ්ඩ (PHOTOS)

රංජිත් රාජපක්ෂ




වැසි ජලය ගලා බසින කාණු පද්ධතියක් තුල ජාතික හැදුනුම්පත් කිහිපයක් සහ මුදල් පසුම්බි කිහිපයක් තිබී අද (17) දින සොයා ගැනුණා.

ඒ හැටන් නගරය මධ්‍යයේ ඇති කාණු පද්ධතියකයි.

වැසි ජලය ගලා බසින කාණු පද්ධතියට නගරයේ ඇතැම් වෙළදසැල්වල වැසිකිලි මලපහ පද්ධතිය ඉතා සුක්ෂම ලෙස බැහැර කර ඇති බවට හැටන් දික්ඔය නගර සභාවට ලද පැමිණිලි කිහිපයක් මත නගර සභාවේ සේවකයින් විසින් කාණු පද්ධතිය ගලවා පරික්ෂා කිරිමේදී එම සේවකයින්ට ජාතික හැදුනුම්පත් හයක් , ATM කාඩ් පත් දෙකක් සහ  මුදල් පසුම්බි කිහිපයක් මෙලෙස සොයා ගැනීමට හැකි වුණා.

ඒ හැටන්, බගවන්තලාව , මස්කෙලිය , කොටගල , තලවකැලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ගේ හැදැනුම්පත් බවට හැටන් පොලිසිය විසින් දැනට හදුනාගෙන ඇත්තේ.