Saturday, September 21, 2024

General line - 0115112241

තරඟයේ වීරයා ‘දිල්රුවන්ගෙන්‘ තවත් වාර්තාවක්




සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රිලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රීලංකා කන්ඩායම සමත් වුණා.

පළමු ඉනිමේ කඩුලු 4ක්ද දෙවන ඉනිමේ කඩුලු 6ක්ද, දෙවන ඉනිමේදී පිත්තෙන් ලකුණු 64ක්ද ලබාගත් දිල්රුවන් පෙරේරා තරඟයේ වීරයා සම්මානය හිමිකරගත්තා.

ටෙස්ට් තරඟයකදී කඩුලු 10ක් සහ අර්ධ ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක් වුණා.

එමෙන්ම වේගවත්ම ටෙස්ට් කඩුලු 50 ලබාගැනීමේ ශ්‍රී ලංකා වාර්තාවද තමන් සතු කර ගැනීමට ඔහු මෙම තරඟයේදී සමත් වුණා.ඔහු ටෙස්ට් කඩුලු 50 ලබාගත්තේ ටෙස්ට් තරඟ11කින්.