Saturday, May 4, 2024

General line - 0115112241

නෙත් ලෝක ළමා දින විශේෂ සැමරුම අද මහනුවරදී




ලෝක ළමා දිනය නිමිති කරගනිමින් නෙත් එෆ් එම් සංවිධාන කරන විශේෂ ළමා දින සැමරුම අද දිනය පුරා කැන්ඩි සිටි සෙන්ටර් පරිශ‍්‍රයේදී පැවැත්වෙනවා. 

උදෑසන 09 සිට සවස 06 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට එක්වන කුඩා දරුවන්ට තරඟ සඳහා ඉදිරිපත් වී වටිනා ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. 

මහනුවර දිස්ති‍්‍රක්කයේ අවශ්‍යතා සහිත පාසල් 02 ක පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීම ද මෙම වැඩසටහනේදී සිදු කිරීමට නියමිතයි. 

මහජන බැංකුව, ඩයලොග්, ශ‍්‍රියානි ඩෙ‍්‍රස් පොයින්ට්, ප‍්‍රීමා ස්ටෙලා යෝගට්, ඇට්ලස්, යූනියන් ඇෂූවරන්ස් යන ආයතන නෙත් එෆ් එම් විශේෂ ළමා දින සැමරුම සඳහා අනුග‍්‍රාහකත්වය ලබා දෙනවා.